Powered By Blogger

Wednesday, November 7, 2012



සූත්‍ර සාකච්ඡාව - ASLBVC                                                                                         tute – 14

2012 – 10 – 01

ධූතාංග විස්තරය - 2

02. තේචීවරිකංගය

          චීවර යනු සිවුරට කියනු ලබන නමකි. ප්‍රමාණයෙන් එය 03 කි. එබැවින් තේචීවර හෙවත් තුන් සිවුර යැ යි කියයි. එසේ තුන් සිවුර දරමින් සමාදන් වන අංගය තේචීවරිකාංගය නම් වේ.

තුන් සිවුර :-

1.     සංඝාටිය - දෙපට සිවුර
2.     උත්තරාසංගය - තනිපට සිවුර
3.     අන්තරාවාසකය - අඳන සිවුර

තේචීවරිකාංගය සමාදන් වන ආකාරය :-

v චතුත්ථක චීවරං පටික්ඛිපාමි.
සතරවන සිවුරු ප්‍රතික්‍ෂේප කරමි.
v තේචීවරිකංගයං සමාදියාමි.
තෙචීවරිකාංගය සමාදන් වෙමි.

තේචීවරිකාංග ප්‍රභේද :-

v උත්කෘෂ්ට
උත්කෘෂ්ට යනු ඉතා උසස් ආකාරයෙන් මෙම ධූතාංගය සමාදන් වීමයි. සිවුරු පඬු පෙවීමකදී පවා අඳනය හෝ උත්තරාසංගය පළමුව පඬු පොවා පසුව ඉන් එකක් හැඳගෙන සංඝාටිය පඬු පෙවිය යුතුය.
v මධ්‍යම
පඬු ශාලාවෙහි තබා තිබෙන සිවුරු පොරවාගත හැක.

v හීන
තමන් සමග සිටින භික්ෂූන්ගේ සිවුරු පොරවාගෙන පඬු පොවන්නට හැක. නමුත් එම සිවුරු පරිහරණය කරන්නට සුදුසු නැත.

ආනිසංස :-

Ø ඉතරීතර චීවරයෙන් සතුටුවන බව
Ø කැමති තැනක යා හැකි බව
Ø සන්නිධි පරිභෝග නැති බව
Ø සැහැල්ලු පැවතුම් ඇති බව
Ø අධික ලෝභය දුරු කරන බව
Ø කෙලෙස් අඩු කරන බව
Ø අල්පේච්ඡතාදී ගුණ ඇති බව



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ


No comments: