Powered By Blogger

Friday, November 16, 2012


සූත්‍රසාකච්ඡාව -ASLBVC                                                                    tute – 15

2012 – 10 – 01

ධූතාංග විස්තරය - 03

03. පිණ්ඩපාතිකාංගය

          පිණ්ඩපාතිකාංගය නම් ආහාර පිණිස ගෙන් ගෙට යාමය. පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් ගෙන් ගෙට යාම මෙහිදී සිදු කෙරේ. පිණ්ඩපාතිකාංගය සමාදන් වුවහු විසින් තුදුස් ( 14 ) බත නොඉවසිය යුතුය.

තුදුස් බත :-

1.     සංඝභත්තය - සංඝයාට දෙනු ලබන බත
2.     උද්දසභත්තය - භික්ෂූන් කිහිප දෙනෙකුට දෙනු ලබන බත
3.     නිමන්තනය - සංඝයාට හෝ පුද්ගලයන්ට නිමන්ත්‍රණය කර දෙනු ලබන බත
4.     සලාකභත්තය - සලාක ලීමෙන් දෙනු ලබන බත
5.     පක්ඛිකභත්තය - සැදැහැවතුන් විසින් පක්‍ෂයකට පමණක් දෙනු ලබන බත
6.     උපෝසථිකය - පොහොය පොහොය දෙනු ලබන බත
7.     පාටිපදිකය - පෑලවියෙහි දෙනු ලබන බත
8.     ආගන්තුකභත්තය - ආගන්තුක භික්ෂූන්ට දෙනු ලබන බත
9.     ගමිකභත්තය - ගමන් යන්නට සූදානම් භික්ෂූන්ට දිය යුතු බත
10.ගිලානභත්තය - ගිලනුන්ට දෙනු ලබන බත
11.ගිලානුපට්ඨානභත්තය - ගිලනුන්ට උපස්ථාන කරන්නවුන්ට දිය යුතු බත
12.විහාරභත්තය - සැදැහැතියන් විසින් ඔවුන් කළ වෙහෙරෙහි වසන්නවුන්ට දෙනු ලබන බත
13.ධුරභත්තය - සංඝයාට හෝ පුද්ගලයන්ට නිතර දෙනු ලබන බත
14.වාරභත්තය - ගම්වැසියන් වාරයෙන් වාරයට දෙනු ලබන බත

පිණ්ඩපාතිකංග ප්‍රභේද :-

v උත්කෘෂ්ට
මොහු ඉදිරියෙන්ද පසුපසින්ද ගෙන දෙන පිණ්ඩපාතය පිළිගන්නේ ය. නිවස ඉදිරිපස සිටියදී පාත්‍රය ඉල්ලන අයෙකුට පාත්‍රය දෙන්නේ ය. එසේ බෝජුන්හලට ගෙනගොස් දෙන පිණ්ඩපාතය පිළිගන්නේ ය. ආරාධනා කොට දෙනු ලබන දානය පිළිනොගන්නේ ය.

v මධ්‍යම
එක දවසකට පමණක් නිමන්ත්‍රණය බත ( ආරාධනාවන් ) භාරගත හැක. දෙවන දිනය එවැන්නක් ඉවසුවහොත් ධූතාංගය බිදේ.

v හීන / මෘදුක
දින 2 ක් දක්වා නිමන්ත්‍රණ බත ඉවසිය හැක.

ධූතාංගය භේද වීම :-

සංඝභත්තය , අතිරේක ලාභයන් ඉවසූ සැනින් පිණ්ඩපාතිකාංගය බිඳේ.

ආනිසංස :-

Ø සමාදන් වූ නිසා මනාව රකින බව
Ø ආර්ය වංශයෙහි මනාව පිහිටන බව
Ø ස්වාධීන පැවතුම් ඇති බව
Ø කුසීත බව දුරු වීම
Ø ආජීවය පිරිසිඳු වීම
Ø සේඛියා වත් පිරෙන බව
Ø අනුන්ට අයත් නොවන බව
Ø අනුග්‍රාහක බව
Ø පහත්ම ජීවිකාව බැවින් මානය දුරුවීම
Ø රස තෘෂ්ණාව දුරු වීම
Ø අල්පෙච්ඡතා දී ගුණ දරන බව
Ø පශ්චිම ජනයාට අනුකම්පා කරන බව


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
sudhamma@buddhism.au.com

Wednesday, November 7, 2012



සූත්‍ර සාකච්ඡාව - ASLBVC                                                                                         tute – 14

2012 – 10 – 01

ධූතාංග විස්තරය - 2

02. තේචීවරිකංගය

          චීවර යනු සිවුරට කියනු ලබන නමකි. ප්‍රමාණයෙන් එය 03 කි. එබැවින් තේචීවර හෙවත් තුන් සිවුර යැ යි කියයි. එසේ තුන් සිවුර දරමින් සමාදන් වන අංගය තේචීවරිකාංගය නම් වේ.

තුන් සිවුර :-

1.     සංඝාටිය - දෙපට සිවුර
2.     උත්තරාසංගය - තනිපට සිවුර
3.     අන්තරාවාසකය - අඳන සිවුර

තේචීවරිකාංගය සමාදන් වන ආකාරය :-

v චතුත්ථක චීවරං පටික්ඛිපාමි.
සතරවන සිවුරු ප්‍රතික්‍ෂේප කරමි.
v තේචීවරිකංගයං සමාදියාමි.
තෙචීවරිකාංගය සමාදන් වෙමි.

තේචීවරිකාංග ප්‍රභේද :-

v උත්කෘෂ්ට
උත්කෘෂ්ට යනු ඉතා උසස් ආකාරයෙන් මෙම ධූතාංගය සමාදන් වීමයි. සිවුරු පඬු පෙවීමකදී පවා අඳනය හෝ උත්තරාසංගය පළමුව පඬු පොවා පසුව ඉන් එකක් හැඳගෙන සංඝාටිය පඬු පෙවිය යුතුය.
v මධ්‍යම
පඬු ශාලාවෙහි තබා තිබෙන සිවුරු පොරවාගත හැක.

v හීන
තමන් සමග සිටින භික්ෂූන්ගේ සිවුරු පොරවාගෙන පඬු පොවන්නට හැක. නමුත් එම සිවුරු පරිහරණය කරන්නට සුදුසු නැත.

ආනිසංස :-

Ø ඉතරීතර චීවරයෙන් සතුටුවන බව
Ø කැමති තැනක යා හැකි බව
Ø සන්නිධි පරිභෝග නැති බව
Ø සැහැල්ලු පැවතුම් ඇති බව
Ø අධික ලෝභය දුරු කරන බව
Ø කෙලෙස් අඩු කරන බව
Ø අල්පේච්ඡතාදී ගුණ ඇති බව



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ


Tuesday, October 16, 2012


සූත්‍ර සාකච්ඡාව - ASLBV                                                                                       tute – 11

2012 – 08 – 13

ඉත්ථි රූප පරියාදාය සූත්‍රය - 11 කොටස

 සසම්භාර සංඛේප භාවනා ක්‍රමය - 2. වක්ක පංචකය

            සසම්භාර සංඛේප භාවනා ක්‍රමයට අනුව tute – 10 යටතේ ඔබ විසින් තච පංචක කමටහනට අනුව සතර මහා ධාතූන්ගේ පඨවි ධාතුවට අයත් තච පංචකයෙහි එන ‘ කේසා - ලෝමා - නඛා - දන්තා - තචෝ ’ යන කොටස් පිළිබඳව විදර්ශනා භාවනාවෙහි යෙදුනෙමු. එහිදී අප විසින් එම ධාතු කොටස් වල පඨවි ධාතුවට ආවේනික ලක්ෂණය වන තද - ඝන - ඕළාරික - රළු බව පිළිබඳවම පමණක් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබා දුන්නෙමු. සත්‍ය වශයෙන්ම මෙම භාවනා ක්‍රමය වඩනු ලබන තැනැත්තෙකු විසින් මෙම කමටහන පහත ආකාරයෙන් වඩන්නේ නම් එය කමටහන ඉතා හොඳින් ප්‍රගුණ වීම පිණිස පවතින්නේ ය.

1.     අනුලෝම තච පංචකය දින 15 ක් වචනයෙන්
2.     පටිලෝම තච පංචකය දින 15 ක් වචනයෙන්
3.     අනුලෝම තච පංචකය + පටිලෝම තච පංචකය දින 15 ක් වචනයෙන්
4.     පටිලෝම තච පංචකය + අනුලෝම තච පංචකය දින 15 ක් වචනයෙන්

Ø මෙලෙසින්ම පසුව සිතින් මෙනෙහි කිරීම ද කල යුතුය. පසුව එන සියල්ලමද ඒ ඒ කොටස් එක් කර ගනිමින් මෙම ක්‍රමයටම දිගින් දිගටම මෙනෙහි කල යුතුය. මෙය වනාහි පුරාණ කම්මට්ඨානාචාර්යවරුන් විසින් නියම කරන ලද ක්‍රමයකි.

Ø තවද මෙම විදර්ශනා භාවනා ක්‍රමය සිටගෙන සිටින ඉරියව්වෙහි දී ද සක්මන් කිරීමෙහි දී ද වාඩිවීසිටින ඉරියව්වෙහි දී ද සැතපෙන ඉරියව්වෙහි දී ද යන සතර ඉරියවු වලදීම සිදුකල හැකි වීම විශේෂත්වයකි. ආනාපානසතිය මෙන් අනිවාර්යෙන්ම පර්යංකයෙන්ම ඉරියවු පැවැත්විය යුතුම නොවේ.

Ø ඇතැමෙකුට සමථ භාවනා ක්‍රමයන් හුරුවී ඇතිනම් සමාධිය පිළිබඳව විවිධ මතභේදාත්මක කරුණු ඉස්මතුවිය හැකිය. මෙම විදර්ශනා භාවනා ක්‍රමයට අනුව විදර්ශනා කමටහනම මෙනෙහි කිරීම තුල දී සිත සමාධියට බැස ගන්නා බව දත යුතුය. එය විදර්ශනා පූර්වාංගම සමාධිය යි.

2. වක්ක පංචකය

          තච පංචකය ලෙසින්ම වක්ක පංචකය මෙනෙහි කිරීමේදී ද පඨවි ධාතුවට අයත් තද - ඝන - ඕළාරික - රළු ස්වභාවය පිළිබඳවම අවබෝධකර ගැනීමට උත්සාහවත් විය යුතුය. තච පංචකය මෙන්ම වක්ක පංචකය ද අනුලෝම හා පටිලෝම පංචකාදී වශයෙන් මෙනෙහි කල යුතුය.

අනුලෝම පංචකය :-

මංසං - නහාරු - අට්ඨි - අට්ඨි මිඤ්ජා - වක්කං යනාකාරයෙන් මුල සිට අවසානය තෙක් කිව යුතුය.

පටිලෝම පංචකය :-

වක්කං - අට්ඨි මිඤ්ජා - අට්ඨි - නහාරු - මංසං යනාකාරයෙන් අවසානයේ සිට මුල තෙක් කිව යුතුය.

v මංසං
 මංසං යනු මාංශ පේශි ය. මාංශ පේශි වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම මාංශ පේශි පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක මාංශ පේශියක් යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර මාංශ පේශි කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා මාංශ පේශි වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් මාංශ පේශි තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. මාංශ පේශි වනාහි මම නොවේ ය.

v නහාරු
නහාරු යනු නහර ය. නහර  වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම මාංශ පේශි පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක නහරයක් යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර නහර කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා නහර  වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් නහර තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. නහර වනාහි මම නොවේ ය.

v අට්ඨි
අට්ඨි යනු අස්ථි ය. අස්ථි වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම අස්ථි පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක අස්ථියක් යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර අස්ථි කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා අස්ථි වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.
ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් අස්ථි තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. අස්ථි වනාහි මම නොවේ ය.

v අට්ඨි මිඤ්ජා

අට්ඨි මිඤ්ජා යනු ඇට මිදුලු ය. ඇට මිදුලු වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම ඇට මිදුලු පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක ඇට මිදුලු යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ඇට මිදුලු කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා ඇට මිදුලු වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් ඇට මිදුලු තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. ඇට මිදුලු වනාහි මම නොවේ ය.

v වක්කං
වක්කං යනු වකුගඩු ය. වකුගඩු වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම වකුගඩු පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක වකුගඩු යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර වකුගඩු කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා වකුගඩු වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් වකුගඩු තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. වකුගඩු වනාහි මම නොවේ ය.

Ø අනුලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø පටිලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø අනුලෝම + පටිලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø පටිලෝම + අනුලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්

Ø තච පංචකය + අනුලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø තච පංචකය + පටිලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø තච පංචකය + අනුලෝම - පටිලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø තච පංචකය + පටිලෝම - අනුලෝම වක්ක පංචකය - දින 15 වචනයෙන්
Ø  
Ø මීට අමතරව මෙසේම සිතින් ද මෙසේම ප්‍රගුණ කළ යුතුය.



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
errawwalasudhamma@gmail.com