Powered By Blogger

Friday, November 16, 2012


සූත්‍රසාකච්ඡාව -ASLBVC                                                                    tute – 15

2012 – 10 – 01

ධූතාංග විස්තරය - 03

03. පිණ්ඩපාතිකාංගය

          පිණ්ඩපාතිකාංගය නම් ආහාර පිණිස ගෙන් ගෙට යාමය. පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් ගෙන් ගෙට යාම මෙහිදී සිදු කෙරේ. පිණ්ඩපාතිකාංගය සමාදන් වුවහු විසින් තුදුස් ( 14 ) බත නොඉවසිය යුතුය.

තුදුස් බත :-

1.     සංඝභත්තය - සංඝයාට දෙනු ලබන බත
2.     උද්දසභත්තය - භික්ෂූන් කිහිප දෙනෙකුට දෙනු ලබන බත
3.     නිමන්තනය - සංඝයාට හෝ පුද්ගලයන්ට නිමන්ත්‍රණය කර දෙනු ලබන බත
4.     සලාකභත්තය - සලාක ලීමෙන් දෙනු ලබන බත
5.     පක්ඛිකභත්තය - සැදැහැවතුන් විසින් පක්‍ෂයකට පමණක් දෙනු ලබන බත
6.     උපෝසථිකය - පොහොය පොහොය දෙනු ලබන බත
7.     පාටිපදිකය - පෑලවියෙහි දෙනු ලබන බත
8.     ආගන්තුකභත්තය - ආගන්තුක භික්ෂූන්ට දෙනු ලබන බත
9.     ගමිකභත්තය - ගමන් යන්නට සූදානම් භික්ෂූන්ට දිය යුතු බත
10.ගිලානභත්තය - ගිලනුන්ට දෙනු ලබන බත
11.ගිලානුපට්ඨානභත්තය - ගිලනුන්ට උපස්ථාන කරන්නවුන්ට දිය යුතු බත
12.විහාරභත්තය - සැදැහැතියන් විසින් ඔවුන් කළ වෙහෙරෙහි වසන්නවුන්ට දෙනු ලබන බත
13.ධුරභත්තය - සංඝයාට හෝ පුද්ගලයන්ට නිතර දෙනු ලබන බත
14.වාරභත්තය - ගම්වැසියන් වාරයෙන් වාරයට දෙනු ලබන බත

පිණ්ඩපාතිකංග ප්‍රභේද :-

v උත්කෘෂ්ට
මොහු ඉදිරියෙන්ද පසුපසින්ද ගෙන දෙන පිණ්ඩපාතය පිළිගන්නේ ය. නිවස ඉදිරිපස සිටියදී පාත්‍රය ඉල්ලන අයෙකුට පාත්‍රය දෙන්නේ ය. එසේ බෝජුන්හලට ගෙනගොස් දෙන පිණ්ඩපාතය පිළිගන්නේ ය. ආරාධනා කොට දෙනු ලබන දානය පිළිනොගන්නේ ය.

v මධ්‍යම
එක දවසකට පමණක් නිමන්ත්‍රණය බත ( ආරාධනාවන් ) භාරගත හැක. දෙවන දිනය එවැන්නක් ඉවසුවහොත් ධූතාංගය බිදේ.

v හීන / මෘදුක
දින 2 ක් දක්වා නිමන්ත්‍රණ බත ඉවසිය හැක.

ධූතාංගය භේද වීම :-

සංඝභත්තය , අතිරේක ලාභයන් ඉවසූ සැනින් පිණ්ඩපාතිකාංගය බිඳේ.

ආනිසංස :-

Ø සමාදන් වූ නිසා මනාව රකින බව
Ø ආර්ය වංශයෙහි මනාව පිහිටන බව
Ø ස්වාධීන පැවතුම් ඇති බව
Ø කුසීත බව දුරු වීම
Ø ආජීවය පිරිසිඳු වීම
Ø සේඛියා වත් පිරෙන බව
Ø අනුන්ට අයත් නොවන බව
Ø අනුග්‍රාහක බව
Ø පහත්ම ජීවිකාව බැවින් මානය දුරුවීම
Ø රස තෘෂ්ණාව දුරු වීම
Ø අල්පෙච්ඡතා දී ගුණ දරන බව
Ø පශ්චිම ජනයාට අනුකම්පා කරන බව


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
sudhamma@buddhism.au.com

Wednesday, November 7, 2012



සූත්‍ර සාකච්ඡාව - ASLBVC                                                                                         tute – 14

2012 – 10 – 01

ධූතාංග විස්තරය - 2

02. තේචීවරිකංගය

          චීවර යනු සිවුරට කියනු ලබන නමකි. ප්‍රමාණයෙන් එය 03 කි. එබැවින් තේචීවර හෙවත් තුන් සිවුර යැ යි කියයි. එසේ තුන් සිවුර දරමින් සමාදන් වන අංගය තේචීවරිකාංගය නම් වේ.

තුන් සිවුර :-

1.     සංඝාටිය - දෙපට සිවුර
2.     උත්තරාසංගය - තනිපට සිවුර
3.     අන්තරාවාසකය - අඳන සිවුර

තේචීවරිකාංගය සමාදන් වන ආකාරය :-

v චතුත්ථක චීවරං පටික්ඛිපාමි.
සතරවන සිවුරු ප්‍රතික්‍ෂේප කරමි.
v තේචීවරිකංගයං සමාදියාමි.
තෙචීවරිකාංගය සමාදන් වෙමි.

තේචීවරිකාංග ප්‍රභේද :-

v උත්කෘෂ්ට
උත්කෘෂ්ට යනු ඉතා උසස් ආකාරයෙන් මෙම ධූතාංගය සමාදන් වීමයි. සිවුරු පඬු පෙවීමකදී පවා අඳනය හෝ උත්තරාසංගය පළමුව පඬු පොවා පසුව ඉන් එකක් හැඳගෙන සංඝාටිය පඬු පෙවිය යුතුය.
v මධ්‍යම
පඬු ශාලාවෙහි තබා තිබෙන සිවුරු පොරවාගත හැක.

v හීන
තමන් සමග සිටින භික්ෂූන්ගේ සිවුරු පොරවාගෙන පඬු පොවන්නට හැක. නමුත් එම සිවුරු පරිහරණය කරන්නට සුදුසු නැත.

ආනිසංස :-

Ø ඉතරීතර චීවරයෙන් සතුටුවන බව
Ø කැමති තැනක යා හැකි බව
Ø සන්නිධි පරිභෝග නැති බව
Ø සැහැල්ලු පැවතුම් ඇති බව
Ø අධික ලෝභය දුරු කරන බව
Ø කෙලෙස් අඩු කරන බව
Ø අල්පේච්ඡතාදී ගුණ ඇති බව



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ