Powered By Blogger

Tuesday, October 16, 2012


සූත්‍ර සාකච්ඡාව - ASLBV                                                                                    tute -10

2012 – 08 – 06


ඉත්ථි රූප පරියාය සූත්‍රය - 10 කොටස

සසම්භාර සංඛේප භාවනා ක්‍රමය -1. තච පංචක කමටහන

සසම්භාර සංඛේප ක්‍රමයට අනුව සිදු කරන්නේ ආධ්‍යාත්මික ධාතු කොටස 42 පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන ධාතු සතරට කොටස් වශයෙන් බෙදා දක්වමින් ඒ ඒ ධාතු කොටසට අයත් දේ වෙන වෙනම විමසා බැලීමයි. මෙහිදී පඨවි ධාතුවට අයත් කොටස් 20 ප්‍රථමයෙන් තච පංචකාදී වශයෙන් වෙන් කරමින් බෙදා බැලීම සිදු කරනු ලැබේ. එහිදී විශේෂයෙන් පඨවි ධාතුවට ආවේනික ලක්‍ෂණයක් වන තද බව පිළිබඳව  අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවත් විය යුතුය. ආපෝ ධාතුවට අයත් කොටස් 12 මේද ෂට්කාදී වශයෙන් වෙන් කරමින් බෙදා බැලීම සිදු කරනු ලැබේ. එහිදී විශේෂයෙන් ආපෝ ධාතුවට ආවේනික ලක්ෂණය වන ගලායන , ආබන්ධන ලක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවත් විය යුතුය. තේජෝ ධාතුවට අයත් සන්තාපනාදී කොටස් 04 වෙන් කර බෙදා බැලීම සිදු කරනු ලැබේ. එහිදී විශේෂයෙන් තේජෝ ධාතුවට අයත් සීතෝෂ්ණ බව , දිරවන - පැසවන ලක්‍ෂණය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට උත්සාහවත් විය යුතුය. වායෝ ධාතුවට අයත් කොටස් 06 උද්ධංගමාදී වශයෙන් වෙන් කරමින් බෙදා බැලීම සිදු කරනු ලැබේ. එහිදී විශේෂයෙන් වායෝ ධාතුවට ආවේනික ලක්‍ෂණය වන පිම්බෙන - හැකිළෙන ලක්‍ෂණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවත් විය යුතුය.

Ø මෙම භාවනා කමටහන් වර්ධනය කිරීමට ප්‍රථමයෙන් ඔබ විසින් ‘ භාවනා පූර්ව කෘත්‍ය ’ සිදු කල යුතුමය. ඒ පිළිබඳව අප විසින් වැඩි විස්තර කිරීම් tute – 03 හිදී ලබා දී තිබේ.

පූර්ව කෘත්‍ය :-

1.     තෙරුවන් සහිත පංචසීලය සමාදන් වීම

මෙසේ සමාදන් වූ තිසරණ සහිත පංච සීලය සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා ! කියා අධිෂ්ඨානය කිරීම.


2.     අරමුණ ආවර්ජනය කිරීම

මෙම භාවනා කටයුතු මට සසර දුකින් අත මිදීම පිණිස හේතු වාසනා වේවා ! කියා අධිෂ්ඨාන කිරීම.
3.     තුනුරුවනට ජීවිතය පූජා කිරීම

නව අරහාදී අනන්ත බුදු ගුණයෙන් යුතු මාගේ ශාස්තෘ වූ බුදුපියාණන් වහන්සේටත් , ස්වාක්ඛාතාදී ගුණයන්ගෙන් යුතු නිවන පිණිස පවතින ධර්ම රත්නයටත් , සුපටිපන්නතාදී ගුණයන්ගෙන් යුතු රහතුන් වහන්සේලාටත් මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ! කියා අධිෂ්ඨාන කිරීම.

4.     පෙර කුසල් ආවර්ජනය කිරීම

මා විසින් පෙර සසරෙහි භාවනාමය වශයෙන් ධර්මය පුහුණු කල බව සත්‍යයි . වර්තමානයෙහි භාවනාමය කුසල කර්මයන් වර්ධනය කරනා බව සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් අතීත භාවනාමය කුසල කර්මයන් වර්තමාන භාවනාමය කුසල කර්මයන් වර්ධනය කර ගැනීම පිණිස හේතු වාසනා වේවා ! කියා අධිෂ්ඨාන කිරීම.

5.     අරියූපවාදයන්ට සමාකර ගැනීම

අනන්ත සසරෙහි දැන හෝ නොදැන මාගෙන් බුදු , පසේ බුදු , රහතුන් වහන්සේලා වැනි ආර්ය උතුමන් වහන්සේ කෙනෙකුන් හට සිත , කය , වචනයෙන් යම් අපවාදයක් සිදුවී ඇත්නම් උන්වහන්සේලා සුජීවත්ව වැඩ වාසය කල ද පිරිනිවීමට පත් වුවද මට සමාව ලැබේවා ! දෙවනුවද , තෙවනුවද මට සමාව ලැබේවා ! කියා අධිෂ්ඨාන කල යුතුය.

6.     සත්‍ය ක්‍රියා කිරීම

සිදුහත් බෝධි සත්ත්වයින් වහන්සේ චතුරංග සමන්වාගත වීර්යයෙන් යුක්තව දඹදිව බුද්ධගයාවේදී වජිරාසනානුරූඩව මාර පරාජය කල බව සත්‍යයි ! ඒ සත්‍යානුභාව බලයෙන් මාගේ අධිගමනයන් සඳහා බාධා කරනු ලබන , බාධා කිරීමට බලාපොරොත්තුවනු ලබන සියලු මාර පාර්ශ්වික බලවේගයන් දුරින් දුරු වේවා ! නිදුකින් මා හට ධර්මය අවබෝධ කිරීමට හැකි වේවා ! කියා අධිෂ්ඨාන කල යුතුය.

7.     චතුරාරක්ඛා මෙනෙහි කිරීම

·        බුදු ගුණ වැඩීම
·        මෛත්‍රීය වැඩීම
·        අසුභය වැඩීම
·        මරණ සතිය වැඩීම

ආධ්‍යාත්මික පඨවි ධාතු කොටස් 20 සඳහා කමටහන :-

අත්ථි ඉමස්මිං කායේ පඨවි ධාතු , ආපෝ ධාතු , තේජෝ ධාතු , වායෝ ධාතූ’ තී .

Ø මෙම සවිඤ්ඤාණක කයෙහි තද , ඝන , ඕළාරික , රළු ස්වභාව ලක්‍ෂණයෙන්  යුතු පඨවි ධාතුවක් ඇත්තේ ය. මෙම සවිඤ්ඤාණක කයෙහි ගලායන , වැගිරෙන , ආබන්ධන ස්වභාව ලක්‍ෂණයෙන් යුතු ආපෝ ධාතුවක් ඇත්තේ ය. මෙම සවිඤ්ඤාණක කයෙහි සීතෝෂ්ණ , දිරවන , පැසවන ස්වභාව ලක්‍ෂණයෙන් යුතු තේජෝ ධාතුවක් ඇත්තේ ය. මෙම සවිඤ්ඤාණක කයෙහි පිම්බෙන , හැකිලෙන ස්වභාව ලක්‍ෂණයෙන් යුතු වායෝ ධාතුවක් ඇත්තේ ය.

Ø පඨවි යනු පසට කියනු ලබන නමකි. පසෙහි ස්වභාව ලක්‍ෂණය නම් , තද - ඝන -ඕළාරික - රළු ස්වභාව ලක්‍ෂණයෙන් යුක්ත වීමයි. මෙම පඨවි ධාතුව ආධ්‍යාත්මික පඨවි ධාතුව හා බාහිර පඨවි ධාතුව යනුවෙන් කොටස් දෙකකට බෙදේ. මෙම සවිඤ්ඤාණක කය ඇසුරු කොටගෙන පවතින බැවින් එම ධාතූ කොටස් සියල්ලම ආධ්‍යාත්මික පඨවි ධාතුව යැ යි ගනී. මෙම ආධ්‍යාත්මික පඨවි ධාතුවට පඨවි ලක්‍ෂණයෙන් යුක්ත කොටස් 20 ක් දක්නට ලැබෙති.


Ø එම ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් පඨවි ලක්‍ෂණයෙන් යුතු කොටස් 20 මෙසේ පංචකාදී වශයෙන් ප්‍රධාන කොටස් 04 කට බෙදා දක්වා තිබේ.

                               I.            තච පංචකය

මෙම තච පංචකය මුල සිට අවසානයට කියවෙන ආකාරයට අනුව අනුලෝම තච පංචකය යනුවෙන් නම් කර තිබේ. එය කේසා - ලෝමා - නඛා - දන්තා - තචෝ යනුවෙන් නම් කර ඇත.

තවද මෙම තච පංචකය අවසානයේ සිට මුලට කියවෙන ආකාරයට අනුව පටිලෝම තච පංචකය යනුවෙන් නම් කර තිබේ. එය තචෝ - දන්තා - නඛා - ලෝමා - කේසා යනුවෙන් නම් කර ඇත.
v කේසා :-
කේසා යනු හිස කෙස් ය. කෙස් වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම හිස කෙස් පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක කෙස් ගසක් යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා කෙස් වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් කෙස් තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. හිස කෙස් වනාහි මම නොවේ ය.

v ලෝමා :-

ලෝමා යනු රෝම කූප ය. රෝම කූප වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම රෝම කූප  පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක රෝම කූපයක්‌ යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර රෝම කූප කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා රෝම කූප  වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් රෝම කූප තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. රෝම කූප වනාහි මම නොවේ ය.


v නඛා :-
නඛා යනු නිය පොතු ය. නිය පොතු වනාහි තද , ඝන , ඕලාරික ,රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම නිය පොතු පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක නිය පොත්තක් යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර නිය පොතු  කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා නිය පොතු  වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් නිය පොතු තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. නිය පොතු වනාහි මම නොවේ ය.

v දන්තා :-
දන්තා යනු දත් ය. දත් වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම දත් පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ එක එක දතක් යනු එක එක පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර දත් කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා දත් වල යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් දත් තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. දත්  වනාහි මම නොවේ ය.

v තචෝ :-
තචෝ යනු සම ය. සම වනාහි තද , ඝන , ඕලාරික , රළු ස්වභාවයෙන් යුක්ත බැවින් මෙම සම පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවට අයත් ය. ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් ය. ඒ සම යනු එකම  පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර සම කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත.

මෙම සවිඤ්ඤාණක කයෙහි පවත්නා සමෙහි යම් පඨවි ලක්‍ෂණයක් වේ ද , එම පඨවි ලක්ෂණයම බාහිර පඨවි ධාතුව තුලද අන්තර්ගතය. ගස්වැල් ,ගේ දොර , පොළොව ... ආදී බාහිර සියලුම පඨවි ධාතූන්හිද තද , ඝන , ඕළාරික , රළු ස්වභාවයක් යුක්තය. ඒ එක් එක් වස්තූන් යනු එක් එක් පඨවි ධාතුවකි. එනම් පඨවි ධාතුවක් හැර ගස්වැල් , ගේ දොර , පොළොව ... කියා දෙයක් සත්‍ය වශයෙන්ම නොමැත.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙන්ම බාහිර පඨවි ධාතුව තුලද එක හා සමාන ස්වාභාවයක්ම වන්නේ ය. ගස්වැල් , ගේ දොර , පොළොව ආදී සියලු තැන්හි සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. එසේම එකම ධාතු ස්වභාවයෙන් යුක්ත බැවින් සම තුලද සත්ත්වයෙක් පුද්ගලයෙක් දක්නට නොමැත. සම වනාහි මම නොවේ ය.




ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
errawwalasudhamma@gmail.com

No comments: